බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිට නීත්‍යණුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කරන ලද ජීප් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (13) දින උදෑසන කාලයේ මැණික්හින්න පොලිස් වසමේදී හා වත්තේගම පොලිස් වසමේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම් දෙකක් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 හා 58 වයස්වල පසුවන මැණික්හින්න හා වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
අත්අඩංගුවටගත් සැකකරුවන් 2025.09.13 වන දින තෙල්දෙණිය ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.09.15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
