නුවරඑළිය තැපැල් කාර්යාලය නවීකරණයට

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, එම ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි වනු ඇති.

දේශිය, විදේශිය සංචාරක ආකර්ශනය වර්ධනය කර ගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීම අරමුණයි.