
අයි සී සී පූර්ණ සාමාජික රටකට එරෙහිව 20-20 ක්රිූකට් තරගාවලියක් පළමු වරට ජය ගැනීමට නේපාල කණ්ඩායම, ඊයේ සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවැනි 20-20 තරගයෙන්ද ජය හිමිකර ගනිමින්. ඔවුන් මෙම ජයග්රෙහණය හිමිකරගත්තේ එහි තවත් තරගයක් ඉතිරිව තිබියදි.
තරගය එක්සත් අරාබි එමීර් රාජ්යවයේ සාජා ක්රිමකට් ක්රී ඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, නේපාල ක්රීාඩකයින් පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආසිෆ් ෂෙයික් නොදැවී ලකුණු 68 යි. සුන්දීප් ජොරා ලකුණු 63 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී කොදෙව් ක්රීදඩක අකීල් හොසෙයින් සහ කයිල් මෙයර්ස් කඩුලු 2 බැගින් බිඳහෙලුවා. අනතුරුව ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ, ලකුණු 83 ක් පමණයි. ජේසන් හෝල්ඩර් ලකුණු 21 යි. පන්දු යැවීමේදී නේපාල් ක්රී ඩක මොහම්මඩ් අඩිල් අලාම් කඩුලු 4 ක් සහ කුෂාල් බූර්ටෙල් කඩුලු 3 ක් දවාගත්තා.