නොපෙ­නෙන තාරු­ණ්‍ය­යේ සත්‍ය පැති­කඩ

තරු­ණ­කම යනු තමන්ගේ ජීවි­තයේ තමන්ට තිබෙන වුව­මනා ඉටු කර­ගැ­නී­මට ලැබෙනා අනගි අව­ස්ථා­වක් ලෙස අර්ථ දැක්වු­ව­හොත් මා සිතන්නේ මා නිවැ­රදි ය. මෙම සන්ද­ර්භය තුළ මා නිවැ­රදි වීමට හේතුව වන්නේ තරුණ කාලයේ සිදු­කි­රී­මට තිබෙනා කාර්ය­යන් අපට මහලු කාලයේ සිදු කිරී­මට නොහැකි නිසා­වෙනි.

ඔබ මීටර් 100 ධාවන තර­ග­ය­කට සහ­භාගී වීමට කැමැ­ත්තෙන් සිටි­යද එය මහලු කාල­යට ගොස් සිදු කිරී­මට අප­හසු දෙයකි. නමුත් තරුණ කාලයේ අපට ඒ දේ රිසි සේ සිදු කළ හැකිය. එම නිසා­වෙන් මාගේ බුද්ධි මට්ටම අනුව මිනි­ස­කුගේ ජීවන චක්‍රය තුළ ගෙවෙන ඉතාම වැද­ගත් සහ වටිනා ලෙස ප්‍රයෝ­ජ­න­යට ගත හැකි කාලය වන්නේ තමාගේ තරුණ කාල­යයි. එය අපට ලැබෙනා ආයෝ­ජ­න­යකි. වටිනා ප්‍රති­උ­ත්ත­ර­යක් ලැබෙන සේ එය නිසි­ලෙස ආයෝ­ජ­නය කිරීම අපගේ උර­මත පැටවී තිබෙන කර්ත්‍ය­ව­යකි. නමුත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. අපේ රටේ තරුණ පර­පුර වටිනා ප්‍රති­ඵ­ල­යක් පැමි­ණෙන ලෙස තමන්ගේ තරුණ කාලය ආයෝ­ජ­නය කරන්නේ ද නැද්ද යන්නයි. විශ්ව­වි­ද්‍යා­ල­යීය විද්‍යා­ර්ථ­යකු යනු සැබෑ වශ­යෙන්ම තරුණ වියට පා තබා තරුණ වයස ගත කරන පුද්ග­ල­යකු බව අප කවු­රුත් දන්නා දෙයකි.එම නිසා ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළි­තුර දාර්ශ­නික වේ යන පාඨය අන් සිය­ල්ල­ටම වඩා මා හට දැනුණ නිසා­වෙන් මම මේ පිළි­බඳ ලිවී­මට උත්සා­හ­යක් ගනිමි.

පළ­මුව මෙම ගැට­ලුව කෙරෙහි බල­පාන සාධක කිහි­ප­යක් තිබේ. එය නිවැ­රදි ද වැරදි ද යන්න මේ ලිපිය අව­සා­නයේ ඔබ තීර­ණය කරන්න. දාස්පෙ­තියා මලේ ඇලි­ගැලී තිබෙන පෙති රැසක් මෙන් එකී සාධක ලඝු කළ­හොත් ඒ පෙති අත­රින් පෙති දෙකක්, තුනක් හීන්සී­රුවේ කඩා විසි­කර දැමී­ම­ටයි මා මේ සූදා­නම් වන්නේ. උක්ත ගැට­ලුව වෙත සෘජු­වම බල­පාන පළමු සාධ­කය ලෙස මා දකින්නේ තරු­ණ්‍යය මුහුණ දෙන දැඩි ආර්ථික ප්‍රශ්න­යයි. සමා­ජයේ කුඩාම ඒක­කයේ සිට පැවත එන මෙම ගැට­ලුව අද ඊයේක සිට තිබෙන දෙයක් නොවෙයි. මිල මුදල් හිඟ­කම නිසා­වෙන් තමන් දැඩි ආසා­ව­කින් යුක්තව සිදු­කි­රී­මට කැමැති දෙය නොව වෙනත් දේ සිදු­කි­රී­මට වර්ත­මාන තාරු­ණ්‍ය­යට සිදු වී තිබේ.

ඒ මේ ආර්ථික ප්‍රශ්න නිසා­වෙනි. විශ්ව­වි­ද්‍යාල කට­යුතු අත­ර­තුර රැකියා සිදු කිරීම මෙන්ම විශ්ව­වි­ද්‍යාල වරම් හිමි­ක­ර­ගෙ­නත් ආර්ථික ගැටලු නිසා­වෙන් තම විශ්ව­වි­ද්‍යාල අධ්‍ය­යන කට­යුතු අත­හැර දැමූ සුව­හ­සක් වූ තරුණ තරු­ණි­යන් කොප­මණ ඇතිද. ඔවුන් තුළ තිබෙන විභව ශක්ති­යෙන් රටට, සමා­ජ­යට ගත­හැකි උප­රිම ප්‍රයෝ­ජ­නය එම­ඟින් ඇහි­රෙනු ඇත. සමී­ක්ෂ­ණ­ව­ලින් ලබා­ගත් තොර­තුරු පරීක්ෂා කළ බැලු­ව­හොත් ඔවු­න්ගෙන් ලබා­ගත හැකි නියම ඵල නෙළා ගැනී­මට රටක් වශ­යෙන් අප තව­මත් අස­මත් වී තිබේ. එය එදා මෙන්ම අද­ටත් සමා­ජය තුළ ඔඩු­දු­වන ගැට­ලු­වකි. දෙවැනි සාධ­කය ලෙස මා දකින්නේ ඔවුන්ට නිසි මඟ­පෙ­න්වී­මක් නොමැති කමයි. ශිෂ්ට­ස­ම්පන්න සමා­ජ­යක දැකිය හැකි උත්තම ගණයේ ලක්ෂ­ණ­යක් වන්නේ තමන් වඩාත් දක්ෂ දේ හැඳි­න­ගෙන ඒ හරහා දියුණු වී රට හා සමා­ජය පෝෂ­ණය කිරී­මට තමන්ගේ දාය­ක­ත්වය ලබා­දී­මයි. නමුත් ලාංකේය සමා­ජය තුළ සිදු නොවන්නේ ද එයයි. මෙය නිවැ­රදි කිරී­මට නම් තරුණ කාල­යේදී අප ඔවුන්ට නිසි මඟ­පෙ­න්වී­මක් ලබා­දීමේ අව­ශ්‍ය­තා­වක් තිබේ. එම අව­ශ්‍ය­තාව ඉටු­කි­රී­මට රජය මෙන්ම රාජ්‍ය නොවන සංවි­ධාන ද මේ වන­විට සාධ­නීය ලෙස අඩු – වැඩි වශ­යෙන් තමන්ගේ දාය­ක­ත්වය ලබා දී තිබේ. එය අපට සතුටු විය හැකි කරු­ණකි. තරුණ පර­පුර වෙනු­වෙන් සිදු­ක­රන වැඩ­ස­ට­හන්, පාඨ­මාලා, ආය­තන මෙන්ම ඔවුන්ගේ කට­යුතු සොයා­බැ­ලී­මට තිබෙනා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවි­ධාන මෙයට උදා­හ­රණ සප­යයි.

නමුත් එම මඟ­පෙ­න්වීම මෙත­නැන් නොනැ­වතී එය අප ඉදි­රි­යට වර්ධ­නය කර­ගත යුතුය.හේතුව සමා­ජය තුළ දැන් දැන් අප දකින අප­රාධ , ඝාතන , සොර­කම් , නොමනා ක්‍රියා­වන් සිදු කරන්නේ මෙරටේ තරුණ ප්‍රජාව වීමය .ඔවුන්ට එම ඉර­ණම අත්වූයේ නිසි මඟ­පෙ­න්වී­මක් නොමැ­ති­කම නිසා යන්න මාගේ තර්ක­යයි.සාක්ෂි ඇතිව ඒවා සොයා බැලු­ව­හොත් එය සනාථ වන සත්‍ය­යක් බව ඔබට වැට­හෙනු ඇත. එය වළක්වා ඔවුන් ඒ කඩ­තොලු මාර්ග­යෙන් මෙපි­ටට ගැනීමේ කාර්‍යය සිදු­කළ යුතුය.ඉදිරි අනා­ගත රැකියා වෙ‍ෙළ­ඳ­පො­ළට මුහුණ දීම උදෙසා තමන්ගේ හැකියා වර්ධ­නය කර­ගැ­නී­මට නොහැකි කම සහ ඒ පිළි­බඳ නොද­න්නා­කම ද මෙකී කරු­ණේම උප සාධ­ක­යකි.

මාගේ ආඛ්‍යා­නය අනුව තෙවැනි බර­ප­තළ ගැට­ලුව ලෙස මා දකින්නේ තරුණ පර­පුර මුහුණ දෙන අධික මාන­සික පීඩ­න­යයි. විශ්ව­වි­ද්‍යාල තරු­ණ­යෙක්, තරු­ණි­යක් නම් අධ්‍ය­යන කට­යු­තු­ව­ලින් එල්ල වන පීඩ­නය , ස්වයං ආත්ම අභි­මා­නය පිළි­බඳ තමාගේ තිබෙන අව­ත­ක්සේ­රුව , මාන­සික පීඩ­නය නිසා ඇති­වන විෂා­දය වැනි රෝග තරුණ පර­පුර අතර බහු­ලව දකි­න්නට ලැබේ. තනි­කම, කාන්සාව, ආර්ථික ප්‍රශ්න, කුටුම්භ තුළ පැන­න­ඟින ප්‍රශ්න, සමාජ ප්‍රශ්න වැනි බර­ප­තළ ගැටලු නිසා ඇති­වන මාන­සික පීඩ­නය ඔවුන්ව තිබෙන තත්ත්ව­යෙන් තව­දු­ර­ටත් පහළ තැන­කට ඇද දමයි. එය කබ­ලෙන් ළිපට වැටුණා හා සමා­නය. ලාංකේය තරුණ තරු­ණි­යන් සිටින්නේ අති­ශය පීඩා­කාරී සමාජ ක්‍රම­යක් තුළය. එය තරු­ණ­යෙකු වශ­යෙන් මා අත්විඳ තිබෙන දෙයකි.එම පීඩ­න­යෙන් මිදී­මට හෝ තුරන් කිරී­මට අන් අය පැමි­ණෙන තෙක් නොසිට තරුණ පර­පුර වන අප ද එයට තර­මක හෝ උත්සා­හ­යක් දැරිය යුතුය.

මේ ශ්‍රීලාං­කේය තරුණ පර­පුරේ අප කවු­රුත් නොද­කින සත්‍ය පැති­කඩ නිරූ­ප­ණය කරන සාධක අත­රින් කිහි­ප­යක් පමණි. තව බොහෝ කරුණු මෙයට සෘජු­වම හෝ වක්‍රව බල­පානු ඇත. මෙවැනි ගැටලු පිළි­බඳ ප්‍රාමා­ණික දැනු­ම­කින් හෙබි විද්වත් පුද්ග­ල­යින්ගේ මතය කුමක් වුවත් තරු­ණ­යකු වශ­යෙන් මා මෙය ගෙන­හැ­ර­පෑවේ මාගේ අත්දැ­කීම අනුව ශ්‍රීලාං­කේය තාරු­ණ්‍යයේ සැබෑ ගැට­ලුව පෙන්නුම් කිරී­ම­ටයි.මෙම ගැටලු සුළු­වෙන් තැකිය නොහැ­කිය.

පිළි­කා­වක් වැඩෙන්නා සේ මෙය ඉදි­රි­යේදී ක්‍රම­යෙන් වර්ධ­නය වනු ඇත. සමාජ ප්‍රග­ම­න­යක් උදෙසා සිටිනා තැන සිට එක් අඩි­යක් හෝ ඉදි­රි­යට විතැන් වීමට අපට අවැසි නම්, ඒ දේ වෙනු­වෙන් දාය­ක­ත්වය දැක්විය යුතු වැද­ගත්ම පාර්ශ්වය වන්නේ මෙරටේ තරුණ පර­පු­ර­ටය. එය විවා­ද­ය­කින් තොරව අප පිළි­ගත යුතු දෙයකි. තක්කු මුක්කු ගසා රට දියුණු කර­නවා යැයි යටි­ගි­රි­යෙන් කෑග­සන උත්තම සභා­වල සිටින මහලු උද­විය සැබෑ වශ­යෙන්ම කෑගැ­සිය යුත්තේ මෙරටේ තරුණ පර­පුරේ ගැඹු­ර­ටම ගොස් ඔවුන්ගේ ප්‍රශ්න විස­ඳී­ම­ටයි.

දැන් හෝ මෙරටේ තරුණ පර­පුර කෙරෙහි අව­ධා­නය යොමු කොට ඔවුන්ගේ නොද­කින සත්‍ය පැති­කඩ පිළි­බඳ සොයා බලා කට­යුතු සිදු­ක­රන්නේ නම් එයා වඩාත් ඵල­දායී ප්‍රති­ඵල අනා­ග­තයේ ගෙන­දෙන සුවි­සල් ව්‍යාපෘ­ති­යක් වනු ඇති බව මාගේ විශ්වා­ස­යයි. පොළොවේ පය­ගසා සිටින තරු­ණ­යකු වශ­යෙන් ප්‍රශ්න විමසා බැලී­මට කැක්කු­මක් තිබෙන නිසා මම මේ වචන ගැළ­පුවා මිස අන් කිසිදු යටි අර­මු­ණක් හිතේ තබා­ගෙන මෙය නොලියූ බවත් දන්වනු කැමැ­ත්තෙමි. ශ්‍රීලාං­කේය තාරු­ණ්‍ය­යට ජය­වේවා..!

කවිඳු ප්‍රසංග
කොළඹ විශ්ව­වි­ද්‍යා­ලය