කැබිතිගොල්ලෑව, මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව අසලදී අද (10) දින අළුයම් කාලයේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, මැදවච්චිය දෙසට ධාවනය වූ රථයක් මාර්ගය අයිනෙන් ගමන් ගත් පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන්.
අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සිදුකළ රථය එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
