පන්දු­වක් වැදී ඇද වැටුණු කුසල් ‘ස්කෑන්’ පරී­ක්ෂ­ණ­ය­කට ‍

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ‘බ්ලූස්’ කණ්ඩා­ය­මට ක්‍රීඩා කරන පිති­කරු කුසල් ජනිත් පෙරේ­රාගේ වම් අතේ ඇඟිලි අත­රට වේග පන්දු­වක් වැදී වේදනා බරව ඇද වැටී සිටි­යදී හෙද කාර්ය මණ්ඩ­ලය ඔහුව පිටි­යෙන් ඉවත් කොට වහාම රෝහ­ල්ගත කොට ‘ස්කෑන්’ පරී­ක්ෂ­ණ­ය­කට යොමු කළේය. එම ස්කෑන් පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵ­ලය අනුව ඔහුට අවශ්‍ය ප්‍රති­කාර ලබා­දී­මට නිය­මිත අතර, ඉදිරි ක්‍රීඩා කට­යුතු ද එම ප්‍රති­ඵල මත තීර­ණය වේ.

දකු­ණ­තින් වේග පන්දු යවන ප්‍රමෝද් මධු­ෂාන්ගේ ‘ෆුල්ටොස්’ පන්දු­වක් කෙළින්ම පැමිණ කුසල් ජනිත්ගේ වම් අතේ ඇඟිලි මත වැදී මේ ආබා­ධය සිදුවූ අතර, එවිට ඔහු පන්දු 6කට මුහු­ණදී ලකුණු 6ක් ලබා සිටි­යේය. කොළඹ එස්එස්සී පිටියේ ඊයේ පැවති තර­ග­යේදී මේ අන­තුර සිදු විය.

ඉදි­රි­යේදී පැවැ­ත්වෙන සිම්බාබ්වේ සංචා­රය හා ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ඉලක්ක කොට ක්‍රීඩ­ක­යන්ගේ දක්ෂතා මැන බැලීම වෙනු­වෙන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තර­ගා­ව­ලිය සංවි­ධාන කොට ඇත.