හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලේ සිට අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීම මගහැරීමට ගිය සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
