පරි­ග­ණක ලෝකයේ තරුණ පර­පුරේ සාන්තු­ව­ර­යාණෝ කාර්ලෝ ඇකි­යු­ටිස්

කාර්ලෝ ඇකි­යු­ටිස් 2006 වස­රෙ­හිදී මෙලො­වින් සමු­ග­ත්තේය. ඒ ඔහුගේ ජීවි­තයේ අව­සා­නය සට­හන් කළ ‘ලියු­කේ­මියා’ නම් වූ රෝග තත්ත්වය නිසාය. බ්‍රිතා­න්‍ය­යෙහි උපන් ඉතා­ලි­යානු යෞව­න­යෙකු වූ කාර්ලෝගේ ජීවි­ත­යෙහි හර තේමාව වූයේ දිව්‍ය සත්ප්‍ර­සාද වන්ද­න­යයි. 13 වියෙහි දී, එතුමා ශුද්ධ­ව­ර­යට එස­වීම සඳහා මූල අභි­ප්‍රා­යක් විවෘත කෙරිණි. ෆ්‍රැන්සිස් ශුද්ධෝ­ත්තම පාප්ව­හන්සේ විසින් 2020 ඔක්තෝ­බර් 10 දින දී එතුමා භාග්‍ය­වන්ත ධුර­යට ඔස­වන ලදි.

ධන­වත් ඉතා­ලි­යානු පවු­ල්වල සාමා­ජි­ක­යන්වූ ඇන්ඩ්‍රයෝ ඇකි­යු­ටිස් සහ අන්තෝ­නියා ෂල්සා­නෝට දාව, කාර්ලෝ ඇකි­යු­ටිස් උපන්නේ 1991 මැයි 3 දින දී එංග­ල­න්ත­යෙහි ලන්ඩ­න­යෙහි දී ය. ඇකි­යු­ටිස් පවුල ඉතා­ලි­යානු රක්ෂණ කර්මා­න්ත­යෙහි වැද­ගත් ස්ථාන­යක් හිමි කර­ගෙන සිටි­යහ. ඔවුහු ෂල්සා­නෝ­වරු නාම­යෙන් මුද්‍රණ සමා­ග­මක් මෙහෙය වූහ. ඇකි­යු­ටිස්ගේ මවු පාර්ශ්ව­යෙහි මිත්ත­ණිය එක්සත් ජන­ප­ද­යෙහි උපත ලබා සිටි අතර, නිව්යෝර්ක්හි ඉඩම් හිමි පවු­ල­කින් පැවැත ආහ.

චල්සීහි ඩොලෝර්ස් අප ස්වාමි­දු­වගේ දේව­ස්ථා­න­යෙහි දී 1991 මැයි 18 දිනදී ඔහුගේ බෞතී­ස්මය සිදු කෙරිණි. ඔහුගේ පිය පාර්ශ්ව­යෙන් සීයා වූ කාර්ලෝ, ඔහුගේ ඥාන පියා විය; ඔහුගේ මවු පාර්ශ්ව­යෙන් ආච්චි වූ ලුවානා, ඔහුගේ ඥාන මව විය. ඔහුගේ උප­තට පෙර, ඇකි­යු­ටිස්ගේ පවුල ලන්ඩ­න­යෙහි සහ ජර්ම­නි­යෙහි වෘත්ති­මය කට­යු­තු­වල නියැළී සිටිය ද, 1991 සැප්තැ­ම්බ­ර­යෙහි දී, එනම් ඔහුගේ උපත සිදුවී වැඩි කලක් ගත­වී­මට පෙර මිලාන් නුවර වෙත සංක්‍ර­ම­ණය වූහ. දෙම­වු­පි­යන් දෙදෙ­නාම ඔවුන්ගේ පවු­ල්වල ව්‍යාපාර කට­යු­තු­වල නිරත වූ අතර ඇකි­යු­ටිස් ඇති දැඩි කිරීම නව අයි­රිෂ් ජාතික කිරි මවක වෙත පැවැ­රිණි.

ළමා­විය

සුරැ­කුම් මධ්‍ය­ස්ථා­න­යට දෙම­වු­පි­යන්ගේ පැමි­ණීම් කිහි­ප­යක් හැරෙ­න්නට ඇකි­යු­ටිස්ගේ මුල් දිවිය සම්පූ­ර්ණ­යෙන්ම පාහේ ගෙවුණේ කිරි මවුන් ඇසු­රේය. කාර්ලෝගේ මව සුරැ­කුම් මධ්‍ය­ස්ථා­න­ය­කට එවන් පැමි­ණී­ම­කදී අනෙ­කුත් ළමුන් අතර ඔහු හිංස­න­යට ලක්වන බව දුටු­වාය. ඒ වන විට ඔහු සිටියේ පෝලන්ත ජාතික කිරි මවක යටතේ වූ අතර ඇකි­යු­ටිස් ‘හොඳ වැඩි’ බවක් සිතූ ඇය, අනෙ­කුත් ළමුන් විසින් ඔහුගේ සෙල්ලම් බඩු පැහැර ගැනීම වැළැ­ක්වී­මට කිසි­යම් රීති කිහි­ප­යක් උගැ­න්වී­මට ඇය උත්සාහ ගත්තාය. ඒ කෙසේ වෙතත් මෙය පිළි­බඳ ඔහු වරෙක ඇය වෙත ප්‍රති­චාර දැක්වූයේ, “මට කේන්ති ගියොත් ජේසු­තුමා සතුටු නොවිය හැකි බවක්” පව­ස­මිනි.

ගිම්හාන කාල­යෙහි දී ඔහුගේ මවගේ දෙම­වු­පි­යන් සමඟ ජීව­ත්වීම සඳහා සෙන්ටෝලා වෙත ඇකි­යු­ටිස් යැවිණි. දහ­වල් කාල­යෙහි දී වෙර­ළෙහි ගත­ක­රන ඔහු, ඉන්පසු ප්‍රදේ­ශ­යෙහි පදවි දේව­ස්ථා­න­යෙහි මහලු කාන්තා­වන් කිහිප දෙනෙකු හා එක් වන්නේ ජප­මා­ලය උච්චා­ර­ණය කිරී­ම­ටය. ඔහුගේ පවුල සතුව සාන්ත මාර්ග­රීතා ලිගු­රහි යාත්‍රා­වක් තිබුණි. යාච්ඤා කිරීම සඳහා ඔහු පැමි­ණෙන්නේ මේ යාත්‍රා­වෙනි.

පාස­ල්විය

ඇකි­යු­ටිස්ගේ පළමු ප්‍රාථ­මික පාසෙල වූයේ මිලාන්හි අති­ශ­යින් උසස් පාස­ලක් වූ සැන් කාර්ලෝ විද්‍යා­ස්ථා­නය විය. 1997 සැප්තැ­ම්බ­ර­යෙහි දී එම පාසල වෙත ඔහු ඇතුළු වූ නමුදු, පාසල වෙත ඔහුගේ නිවෙ­සෙහි සිට මහත් දුරක් වූ බැවින් තෙම­ස­කට පසුව ඔහුගේ නිවෙ­සට සමී­ප­යෙහි වූ, ශුද්ධවූ මර්ෂ­ලීනා කන්‍යා සොහො­යු­රි­යන් විසින් පාල­නය කරනු ලැබූ මර්ෂ­ලීන් තොම්මා­සේයෝ විද්‍යා­ස්ථා­නය වෙත ඇතු­ළත් කෙරිණි. පාසල වෙත පිය නඟ­මින් යන මගෙහි, ඔහු හට හමු වූ බොහෝ විට ඉතා­ලි­යා­නු­වන් නොවූ නිවෙස් රැක­ව­ලුන් වෙත ඔහුගේ විශේෂ අව­ධා­නය යොමු විය. විග­සින්, ඇකි­යු­ටිස් ඔවුන්ගේ නම් ධාර­ණය කර ගත් අතර, සෑම උද­ය­කම නැවතී ඔවු­නට ආචාර කළේය.

2002 සැප්තැ­ම්බ­ර­යෙහි සිට, මර්ෂ­ලීන් තොම්මා­සේයෝ විද්‍යා­ස්ථා­නය වෙතින් ඔහු මධ්‍ය පාසල් අධ්‍යා­ප­නය ලැබීය. එයින් පසුව, ඇකි­යු­ටිස් ජේසු නිකා­යික ඉන්ස්ටි­ට්‍යුටෝ ලියෝනි XIII උසස් පාස­ලෙහි අධ්‍යා­ප­නය ලැබීය.

ඔහු සාමාන්‍ය මට්ට­මෙහි ශිෂ්‍ය­යෙකු වූ මුත් පරි­ග­ණක විද්‍යාව ඇතුළු ඔහුට රුචි වූ අනෙ­කුත් ශාස්ත්‍රීය ක්ෂේත්‍ර පිළි­බඳ කියැ­වී­මට හා ස්වාධීන අධ්‍ය­ය­න­යෙහි යෙදී­මට කැමැ­ත්තක් දැක්වීය. සැක්ස­ෆෝ­නය වාද­නය කිරීම පිළි­බඳ ද ඇකි­යු­ටිස් ස්වඅ­ධ්‍ය­ය­නය කළේය. පාස­ලෙන් නිවෙ­සේදී කළ යුතු ලෙස නියම කළ වැඩ සඳහා උදවු කිරී­මට ඔහුට ගුරු­ව­ර­යෙකු වූ අතර, එම වැඩ කෙළ­වර වූ විට ඔහු සමඟ දේව­ස්ථා­නය වෙත යෑමට ඇකි­යු­ටිස් පුරුදු වී සිටි­යේය.

කාර්ලෝ­ගේම වච­න­ව­ලට අනුව ඔහු මෙලෙස සට­හන් කර ඇත; “අපගේ ඉල­ක්කය විය යුත්තේ අන­න්තය මිස තාව­කා­ලික ලෝකය නොවේ. අන­න්තය අපේ නිජ බිමයි. අප සැම­වි­ටම ස්වර්ගීක බලා­පො­රො­ත්තුව විය යුතුය” ඔහුගේ තවත් ප්‍රසිද්ධ ප්‍රකා­ශ­යක් වූයේ, “සියලු මිනි­සුන් උපත ලැබුවේ මුල් පිට­පත් ලෙසයි. මෙම ඉල­ක්කය කරා ගමන් කිරී­මට සහ ඡායා පිට­පත් ලෙස මිය නොයෑ­ම­ටයි”.

දැක්ම

කාර්ලෝ පැව­සුවේ අපගේ මාලිමා යන්ත්‍රය දේව වච­නය විය යුතු බවත්, අප නිර­න්ත­ර­යෙන් දිශාව මැනිය යුතු බවත් ය. එසේම එවැනි උසස් ඉල­ක්ක­යක් කරා ළඟා වීමට විශේෂ පිය­වර අව­ශ්‍යය වන බවත්, සක්‍ර­මේන්තු හා යාච්ඥා­වන් ඒ පිය­වර බවත් ය. විශේ­ෂ­යෙන් කාර්ලෝ, සත්ප්‍ර­සා­දය පිළි­බඳ සක්‍ර­මේ­න්තුව ඔහුගේ ජීවි­තයේ කේන්ද්‍රයේ ලෙස සැලකූ අතර ඔහු එය හැඳි­න්වූයේ “ස්වර්ග­යට යන මගේ මහා මාර්ගය” ලෙසයි.

කාර්ලෝ පරි­ග­ණක ලෝක­යට සම්බන්ධ සෑම දෙය­ක­ටම ඉතා ත්‍යාග­ශීලී වූ අතර ඔහුගේ මිතු­රන් හා පරි­ග­ණක ඉංජි­නේරු උපාධි ඇති වැඩි­හි­ටි­යන් සෑම­දෙ­නාම ඔහු ඉතා දක්ෂ­යෙකු ලෙස සැල­කූහ. සාමා­න්‍ය­යෙන් විශේ­ෂිත විශ්ව­වි­ද්‍යාල උපාධි ලබා ඇති අයට පම­ණක් ප්‍රවේශ විය හැකි පරි­ග­ණ­ක­වල රහස් තේරුම් ගැනී­මට ඔහුට ඇති හැකි­යාව ගැන සියලු දෙනා මවි­ත­යට පත් වූහ.

කාර්ලෝගේ අභි­ලා­ෂ­යන් අතර පරි­ග­ණක වැඩ­ස­ට­හ­න්ක­ර­ණය, චිත්‍ර­පට සංස්ක­ර­ණය කිරීම, වෙබ් අඩවි නිර්මා­ණය කිරීම, ප්‍රකා­ශන සංස්ක­ර­ණය කිරීම, අව­ශ්‍යතා ඇති අයට විශේ­ෂ­යෙන් ළම­යින්ට සහ වැඩි­හි­ටි­යන්ට උප­කාර කිරීම ඇතු­ළත් වේ.

මිලාන් රද­ගුරු පද­වියේ මෙම තරුණ ඇද­හි­ලි­ව­න්තයා ඔහු මිය යෑමට පෙර පාප්තුමා සහ සභාව වෙනු­වෙන් සිය දුක් වේදනා ඔප්පු කිරී­මට සමත් විය. “සැම­වි­ටම ජේසුස් වහන්සේ සමඟ එක්සත්ව සිටී­මට නම් මෙය මගේ ජීවන සැලැ­ස්මයි” යනු­වෙන් පව­ස­මින් ඔහු තම වේද­නා­වන් සියල්ල දරා­ගෙන ඇත. වරෙක කාර්ලෝ ඇකි­යු­ටිස් පැව­සුවේ ඔහුගේ කෙටි ජීවි­තයේ සුවි­ශේෂී ලක්ෂ­ණය නම් ජේසුස් වහන්සේ සමඟ ජේසුස් වහන්සේ වෙනු­වෙන් ජේසුස් වහන්සේ තුළ ජීවත් වීම බවයි. ඔහු­ගේම වච­න­ව­ලින් “මම විනා­ඩි­ය­ක්වත් නාස්ති නොකර මගේ ජීවි­තය ගත කළ නිසා මිය යෑමට සතු­ටුයි” යනු­වෙන් ද පවසා ඇත. ඔහු අපෙන් ඒ දෙයම අසයි, අපගේ ජීවිත තුළින් ශුභා­රං­චිය පතු­ර­ව­න්නැයි ඔහු අපෙන් ඉල්ලා සිටී. එවිට අප සෑම කෙනෙ­කුම අන් අයගේ ගමන ආලෝ­ක­මත් කිරී­මට ආලෝ­ක­යක් විය හැකිය.