පරිසර සතියේ ජල මූලාශ්‍ රසංරක්ෂණ දිනය අදයි

ජූනි 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් නම්කර ඇති ජාතික පරිසර සතියට සාපේක්ෂව අද (03 ) දිනය ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව රටපුරා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

විශේෂයෙන් ජල මූලාශ්‍ර පිළිබඳව අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද දින පෙරවරු 9.00ට පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.