පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ නව සැලැස්මක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බව, ඕස්ට්‍රේලියාව නිවේදනය කරනවා.
එය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව විසින් මින් පෙර ගනු ලැබූ තීරණයට සමාන පියවරක් ලෙසයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී ගනු ලබන තීරණ සහ පලස්තීන අධිකාරිය ගනු ලබන ක්‍රියාමාර්ග මත මෙම පියවර ගනු ලබන බවයි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කරන්නේ.
ගාසා තීරයේ පවතින ප්‍රචණ්ඩත්වය බිඳ දැමීමටත් ගැටුම්, සාගත සහ මානව වර්ගයාගේ දුක් වේදනා සඳහා බලාපොරොත්තු වන යහපත්ම විසඳුමක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ යෝජනාවට අනුව ඊශ්‍රායලය, පලස්තීනය ද්වී රාජ්‍යයන් බවට සැලසුම් ඉදිරිපත් වීම සුදුසුම ක්‍රියාමාර්ගයක්.
කෙසේ වෙතත් පලස්තීනය නව රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ත්‍රස්තවාදය තවදුරටත් උත්සන්න වීමට රුකුලක් බව ඊශ්‍රායලය රජය පවසනවා.
ඉකුත් සෙනසුරාදා සිට ගාසා තීරයේ සාගින්න සහ මන්දපෝෂණය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් ඇති බවයි හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
