පල්ලියගොඩැල්ලෙන් අභිරහස් බිළිඳු මළසිරුරක් හමුවේ

මීගස්වැව, පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක දින 02ක් පමණ වන බිළිඳු මළසිරුරක් හමුව තිබෙනවා.

මීගස්වැව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙම මළ සිරුර සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කිරීමට නියමිතව ඇත.

මීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.