පවතින තත්වය පිළිබඳව තමන් ඉතා සුභවාදීව පසුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මාධ්‍යවේදීන් හමුවේ ඔහු කියා සිටියේ සාම ගිවිසුමකට එළඹීමට ඉරානයට දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බවයි. ඉරානයේ නිසි පුද්ගලයින් සමග තමා සාකච්ඡා පවත්වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
කොන්දේසි 15 කින් යුත් සාම ගිවිසුමක් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ගිවිසුම පකිස්ථානයේ මැදිහත්වීමෙන් යුතුව ලබාදී ඇති බව සඳහන්. එහෙත් , ඉරානය පවසන්නේ, සාකච්ඡා පැවැත්වූ බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශ ගෝලීය තෙල් මිල පාලනය සඳහා ඔහු දරන උත්සහයන් පමණක් බවත් ඉරානය පවසනවා.
තමාට හිතවත් මිතුරු රටවලින් සාකච්ඡා සඳහා ඇරයුම් ලැබී ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා. ඉරානය කියා සිටින්නේ, යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රධාන කරුණු 3 කින් යුත් එකඟතාවන් රැසකට අමෙරිකාව ප්රමුඛ රටවල් එළඹිය යුතු බවයි.
