පස්සර – ආගරතැන්න ප්‍රදේශයේ අද (15) අලුයම පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.
මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි, පොලීසිය පවසන්නේ.
පස්සර පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.