
‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 4 වැනිදා අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරෙනවා. ඊට අවශ්‍ය සැලසුම් සහ සංවිධාන කටයුතු පිළිබඳ මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
සමාජය සවිබලගැන්වීම හා ආර්ථික ප්රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන පිහිටුවීමේ අරමුණයි.
එම මෙහෙයුම් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරුන් 9 දෙනෙකුගෙන් සහ පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විතයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, බහුවිධ ප්‍රවේශයක් සහිත සමාජය සවිබලගැන්වීමේ වැඩසටහන් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.
මෙම වැඩසටහන මගින් රටේ සියලු මට්ටමේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය ඇතුළු සමස්ත ක්‍රියාවලියට දායක වීමට නව ව්‍යුහ හඳුන්වා දීමට අපේකෂිතයි.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යභාරය, ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති සභා පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.