
ප්‍රවීන ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට ඇය 78 වියේ පසුවූවාය.
කලක් රෝගාතුරව පසුව ඇය අද අලුයම පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ සමීප ඥාතීන් පවසයි
නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා ඇතුළු ග්‍රන්ථ 358 ක ට සිය පෑන අසුරවා ඇත.ඊට අමතරව ගවන් නාට්‍ය කීපයක්ද නිෂ්පාදනයද කර ඇත.
ඇය සාහිත්‍ය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඇයට ලද සම්මාන රැසකි
ඇය නිවහන ලෙස පරිහරණය කළ රුපියල් කෝටි ගණනාවක් වටිනා බණ්ඩාරගම මැදගම ගඟ පාරේ දෙමහල්” රන්ගිර” නිවස ඇය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට 2021 වසරේ පරිත්‍යාග කර ඇත
ඇයගේ එම නිවස වන “සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු මධ්‍යස්ථානය ලෙස නම්කර ප්‍රදේශයට ඉමහත් සේවාවක් සපයනු ඇත
දේහය අද සවස බණ්ඩාරගම- මැදගමට රැගෙන ඒමට නියමිතය.
ඇයගේ අවසන් කටයුතු එළඹෙන 29 වෙනි බදාදා මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.