ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ලෙබනනයේ බේරූට් නුවර ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදා පසුගිය පැය කිහිපය තුළ දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, එයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ටෙල් අවිව් නුවර වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැවැන්ත ලෙස ඉහළ නැංවීමට (Surge Dramatically) කටයුතු කරන බවයි.
බ්‍රිතාන්‍යයට අයත් දියාගෝ ගාර්සියා (Diego Garcia) යුද කඳවුර භාවිත කිරීමට අවසර ලැබීමත් සමඟ මෙම ප්‍රහාරක මෙහෙයුම් තවදුරටත් තීව්‍ර වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානය වෙත සිය ගොඩබිම් හමුදා යැවීමේ සූදානමක් දැනට නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.
ඉරාන නාවික හමුදාව ඇතුළු ආරක්ෂක ව්‍යුහයන් මේ වන විටත් දැඩි පසුබෑමකට ලක්ව ඇති බැවින් ගොඩබිම් හමුදා යැවීම කාලය නාස්ති කිරීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර මැදපෙරදිග කලාපයේ සිරවී සිටින සිය වැසියන් මුදාගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය විශේෂ ගුවන් යානා යොදවා ඇති අතර, එහි පළමු කණ්ඩායම අද උදෑසන ලන්ඩන් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
බහරේනය සහ කටාර් රාජ්‍යය වෙතද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බවත්, කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර වනවා.
