ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු තුනක් ඊශ්‍රායලයට

ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු තුනක්, හමාස් සංවිධානය, රතු කුරුස සංවිධානයට බාර දී ඇති බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

දකුණු ගාසා තීරයේ උමං මාර්ගයක තිබී මෙම මළ සිරුරු 3 හමු වූ බවයි, හමාස් සංවිධානයේ අල්-කසාම් බලකාය නිවේදනය කරන්නේ.

ඒවා ඊශ්‍රායල හමුදාව වෙත බාර දී ඇති බව සඳහන්. ඊශ්‍රායල හමුදාව එය තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් 8 කගේ සිරුරු හමාස් සංවිධානය යටතේ තිබෙව බවටයි විශ්වාස කෙරෙන්නේ.

එම මළ සිරුරු ආපසු ලබා දීම ප්‍රමාද කරන බවට ඊශ්‍රායලය හමාස් සංවිධානයට චෝදනා කරනවා.

එහෙත්, හමාස් සංවිධානය පවසන්නේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා ගොඩනැගිලි වල සුන්බුන් යට තිබෙන ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් ගොඩ ගනිමින් සිටින බවයි.