
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. ඒ, ඊයේ කටාර් රාජ්‍යයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. එම තීරණයට එළම ඇත්තේ, සතියකට වැඩි කාලයක් දෙරට අතර මාරාන්තික සටන් පැවතීමෙන් පසුවයි.
තුර්කිය සමඟ සාකච්ඡා සඳහා මැදිහත් වූ කටාර් විදේශ අමාත්‍යාංශය පැවසුවේ, “කල්පවත්නා සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා යාන්ත්‍රණ” ස්ථාපිත කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බවයි. තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ සතුරු ක්‍රියා අවසන් කිරීම වැදගත් බවයි. පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙම ගිවිසුම නිවැරදි දිශාවට ගමන් කිරීම සඳහා ගන්නා පළමු පියවරක් බවයි. ගැටුම් අතරතුර අනෙකාට දැඩි ජීවිත හානි සිදුවූ බව දෙපාර්ශ්වය සඳහන් කරනවා. 2021 දී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු දරුණු සටන් පැවතියා. පකිස්ථානයේ ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය සපයන බවට පකිස්ථාන රජය දිගු කලක් තිස්සේ තලේබාන් සංවිධානයට චෝදනා කරනවා. නමුත් තලෙයිබාන් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඇෆ්ගනිස්ථාන අගනුවර වන කාබුල් වෙත පකිස්ථානය ප්‍රහාර එල්ල කළ බවට තලේබාන් සංවිධානය පාකිස්තානයට චෝදනා කිරීමෙන් පසු දෙරට අතර සැතපුම් 1,600 ක කඳුකර දේශ සීමාවේ ගැටුම් උත්සන්න වුණා. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරීම් පාකිස්තාන තලේබාන් නායක නූර් වාලි මෙහ්සුඩ් ඉලක්ක කරගත් එකක් බවට කටකතා පැතිර ගියා. ඊට ප්‍රතිචාර වශයෙන්, එම කණ්ඩායම කියා සිටියේ මෙහ්සුඩ් තවමත් ජීවතුන් අතර සිටින බවයි.