
නිශ්චිත දේශපාලන පක්ෂයකට බලය පිහිටුවීමට ප්‍රමාණවත් සභික සංඛ්‍යාවක් නොලැබුන පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තනතුර පත්කර ගැනීම අද සිදුවූයේ විවාදාත්මක තත්ත්වයක් මධ්‍යයේ.
එහිදී
පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට ජාතික ජන බලවේගයේ ධර්මසිරි පෙරේරා මහතා 23 -00 ක් වශයෙන් ඡන්ද ලබාගෙන සභාපති තණතුරට තේරී පත්වුනා.
රැස්වීම පැවැත්වුනේ බස්නාහිර පළාත් කොමසාරිස්
සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ,වාද්දුව විජය කුමාරතුංග අණුස්මරණ නගර ශාලාවේදී සිදුකල ඡන්ද විමසිමෙන්.
සභාපති තණතුර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී මහම්මුදු නබුහන් මුහම්මදු ඉෆාස් සහ ජාජබ මන්ත්‍රී අයි ඒ ධර්මසිරි පෙරේරා යන මන්ත්‍රී වරුන් ගේ නම් යෝජනා වීය.
ඒ අනුව රහස් ඡන්දයක්ද ? විවෘත ඡන්දයක්ද? යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස් තුමිය විමසීමෙන් පසු සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුනා.
එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 26 ක් සහ විවෘත ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 20 ක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් කොමසාරිස් වරිය සභාවට දන්වන ලදී.
එහිදී විරෝධය පලකල සජබ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ,සර්ව මන්ත්‍රී වරුන් තිදෙනාගෙන් එක් අයෙකු ඇතුළු මන්ත්‍රී වරුන් 21 ක් සභාවෙන් පිටව ගියහ.
ඉන්පසු පැවති රහස් ඡන්දයේදී ජාජබ මන්ත්‍රී ධර්මසිරි පෙරේරා මන්ත්‍රී වරයා ඡන්ද 23 ක් ලබාගෙන ඇති අතර, පොදු ජන පෙරමුණ කිසිදු ඡන්දයක් ලබාගෙන නොමැති බව සදහන් විය. ඡ්න්ද 2 ක් ප්‍රතික්ෂේපවී තිබුණි.
ඒ අනුව පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට ධර්මසිරි පෙරේරා මහතා පත්විය.
ඉන්පසු උප සභාපති තනතුරට සහ ජාජබ මන්ත්‍රී නිශ්ශංක මන්ත්‍රී වරයා ගේ නම් යෝජනා විය.
ඔහුගේ නම සභාව ඒකමතිකව සම්මත කරන ලදී.
පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන 48 ක් පවතින අතර,
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට මන්ත්‍රී 22 ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 9 ක් , ශ්‍රීලංකා පොදුජන පෙරමුණට 6 ක්, එක්සත් ජාතික පක්ෂයට 3 ක් , සර්ව ජන බලය පක්ෂයට 3 ක්, පොදුජන එක්සත් පෙරමුණට 1 ක්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට 1 ක් සහ ස්වාධීන එක් මන්ත්‍රී ආසනය බැගින් ලබාගෙන තිබුණි.