පානදුර සාදයක වෙඩි පත්තු වෙයි… පුද්ගලයෙකු මරුට

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.


බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (29) අලුයම එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි,පොලීසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම වෙඩි තැබීම සඳහා ටී -56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර තිබෙනවා.

හිරණ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *