පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.
පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ අංක 2437/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2440/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
