පාර්ලිමේන්තුව අදත් (12) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
අනතුරුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත.
ඒ අනුව අභාවප්‍රාප්ත හිටපු ගරු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, පී දායාරත්න, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, එම්.එච් සේගු ඉසඩීන් හා විජයසුන්දර බණ්ඩාර රණතුංග යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට නියමිතයි.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.