පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් ( 22 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පසුව පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට පැවැත්වීමට නියමිතව තිබෙනවා.