පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

අනුව අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

ඉන්පසුව, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත අතර, ඉන්පසුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.