පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18) සහ හෙට (19) රැස්වීමට නියමිතව තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට එහිදී නියමිතව තිබෙනවා.

අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.