පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත්තේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.