පාර්ලිමේන්තුව අද (21 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන්කර තිබෙන්නේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 2446/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 ට පමණ මේවන විට පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදය පවත්වා අවසන්කොට ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකාබලා තෙවැනිවර කියවීමට නියමිතව ඇත.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.
