පාලමක් නොමැතිකමින් අසරණ වූ වැල්ලවාය වරුණගම ගමනාගමනයේ ජනතාව

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වරුණම සහ පහළ වරුණගම යා කරන මාර්ගයේ පාලමක් නොමැති කමින් ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස පීඩාවට පත් වී තිබේ.

එම මාර්ගයේ සකස් කර තිබූ සපත්තු පාලම ද වසර ගණනාවක සිට කැඩි බිඳී ගොස් ඇති අතර අබලන් වූ සපත්තු පාලම මේ වන විට දැඩිලෙස අනාරක්ෂිත තත්ත්වයකට පත් වි ඇත.

ගම්මානයේ පවුල් සියයකට වඩා දෛනිකව මෙම මාර්ගය භාවිතයට ගන්නා අතර එම ජනතාව මෙම ස්ථානය අබලන් වීම නිසා පීඩාවට පත් වී තිබේ.

වසර ගණනාවක සිට මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළද තවමත් මෙම ගටලුවට විසදුමක් නොලැබුනු බව ප්‍රදේශයේ ජනතාව පවසති.

වර්ෂාපතනය සහිත දිනවල මාර්ගයේ ගමන් කිරීම දැඩිලෙස අනතුරු දායක වී ඇති අතර ජීවිතා හානි පවා සිදු වීමට ඉඩ තිබේ.

වසර ගණනන් තමන් මුහුණ දෙන මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටී.