පාසලටම එක ගුරුවරයයි – ප්‍රතිඵල විශිෂ්ටයි

මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ අධ්‍යාපන කොට්ඨාශයේ නකල්ස් කදුවැටියේ අති දුෂ්කර වනගත ගම්මානයක පිහිටි ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිතයම කැපකල ගරුවරයෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා‍වෙනවා. පාසලේ ගුරුවරු නොමැති පසුබිමක විද්ද්‍යාලයේ විදුහල්පති විසින් සියලු විෂයන් උගන්වා මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දුන් සිසුන් 05 දෙනාගෙන් 04 දෙනෙකුම විශිෂ්ඨ ලෙස සමත් කිරීමට ඔහු සමත්ව තිබෙනවා.

වසර 05කට ආසන්න කාලයක් දරුවන්ගේ නැණස පෑදු ඔහු මිහින්තලාව, මහකනදරව, යාය 01 ගම්මානයේ පදිංචි ජානක ධනුද්දර මහතායි. වසර 05ක් තිස්සේ අති දුෂ්කර පාසලක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙමින්, විද්‍යාලයේ විදුහල්පතිවරයෙකුද නොමැති පසුබිමක, වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කරමින් විද්‍යාලයේ 01 වසරේ සිට 11 වසර දක්වා පංතිවල දරුවන් හට අධ්‍යාපනය ලබාදීමට වෙනත් කිසිදු ගුරුවරයෙකු විද්‍යාලයේ නොමැති පසුබිසක ඔහු මේ එම දරුවන්ටද අධ්‍යාපනය ලබාදෙමින් මේ ලබාගත්තේ අදහාගත නොහැකි විශිෂ්ඨ ප්‍රතිඵලයකි.

ගුරු පත්ම් ලබා දුෂ්කර අධ්‍යාපන සේවයට යන බහුතර ගුරුවරු මාස කිහිපයක් යෑමට පෙර තම ගමරට බලා නැවත පත්වීම් සකසා ගන්නා යුගයක මෙවන් වූ අති දුෂ්කර ගම්මානයක අති දුෂ්කර සේවයක නිරතවන මෙවන් ගුරුවරු රටයම ආදර්ශයකි. එයද සැලකිල්ලට ගනිමින්, එම ගුරුවරයා සිදු කල අති උතුම් සේවාව අගයනු පිණිස මහියංගණ නගරයේ සරත් මහින්ද කුමාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු ” මහියංගණ වෙළෙද සංගමය” මැදිහත්ව, ඊයේ (18) දින සවස මහියංගණ නගරයේදී ජානක ධනුද්දර ගුරුතුමා ඇගයිමේ උත්සවයක් සංවිධානය කර තිබුනා.

ඔහු සිදුකල විශ්ෂ්ඨ සේවාව වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක්ද සිදු කිරිමටයි මහියංගණ වෙළෙද සංගමය කටයුතු කරනු ලැබු‍වේ. ඉදිරියේදී විද්‍යාලයේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සොයාබලා අවශ්‍ය කටයුතු සිදු කීමට දඑහිදී වෙළෙද සංගමය පොරොන්දු වුනා.