පාළු ඉඩමක තරුණයෙකුගේ මළසිරුරක්

ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුල කපා කොටා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වූ මහින්දාරාම පාර, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පසුගිය 30 වන දින රාත්‍රී නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මරණකරුගේ සහෝදරයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.