පැසි පන්දුවෙන් වැඩ පෙන්වූ සිංහ පැටවු

දකුණු ආසියානු වසය අවුරුදු 16 න් පහළ පැසි පන්දු තරගාවලියේ, බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලිය මාලදිවයිනේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම, තමන් මුහුණදුන් පළමු තරග දෙකෙන් බංග්ලාදේශය සහ මාලදිවයින පරාජයට පත්කළා.

ඔවුන් ඊයේ තරග වැදුණේ ඉන්දියාව සමග. එම තරගයෙන් ලකුණු 111 ට 79 ක් ලෙස ජය වාර්තා කළේ ඉන්දීය කණ්ඩායමයි.

එහි පළමු අර්ධය නිමා වනවිට ලකුණු තත්වය, 50 ට 35 ක් ලෙස දැක්වුණා.

තරගාවලියේ අවසන් තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ තරග වැදුණේ බංග්ලාදේශය සමග. ඉන් ලකුණු 87 ට 21 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු තත්වය දැක්වුණේ 50 ට 6 ක් ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුකි අබේපාල ලකුණු 24 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරගවලින්, එක් තරගයක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වුණා. අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.