පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී ඊයේ (19) දින පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.
පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 46 ක්වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
