ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්රදේශයේදී ඊයේ (30) දින රාත්රී තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කර තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ දැරිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 14 ක්වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්රදේශයේ පදිංචිකාරියකි.
මියගිය දැරිය හා පියා අතර දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත පියා විසින් කැත්තකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
