පිලිපීනයට යළි ප්‍රබල සුළි කුණාටු අවදානමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
“ෆං – වොං” ලෙස හැඳින්වෙන මෙම ප්‍රබල සුළි කුණාටුව, මේ වනවිට පිලිපීනය දෙසට හමා යමින් පවතින බවයි එරට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.
“ෆං – වොං” ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝ මීටර 185 ක ප්‍රබලත්වයෙන් යුත් අඛණ්ඩ සුළං ප්‍රවාහයක් සහ ධාරානිපාත වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බව, එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.
පිලිපීනයේ “ලූසොන්” වෙරළට ඔබ්බෙන් වූ “කැටන් ඩුවාන්ස්” දූපතට මේ වනවිටත් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
හෙට දින එරට පාසල් සහ අධ්‍යාපනික ආයතන වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පිලිපීනයේ නැගෙනහිර කලාපයට මේ වනවිටත් අධික වර්ෂාවක් සහ දැඩි සුළං ප්‍රවාහයක් වාර්තා වනවා.
ගුවන් ගමන් රැස්ක ද අවලංගු කර ඇති බව සඳහන්. එරට වෙරළබඩ ප්‍රදේශයන්හි ජනතාවට කඩිනමින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.
