පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඉන් පසු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීම ලබන 6 වැනිදා පැවැත්වෙනවා.

පළාත් පාලන ආයතන 339 කට සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අපේක්ෂකයින් හැත්තෑදහසකට වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.

ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර, මධ්‍යස්ථාන 5783 කදී ඡන්ද ගණන් කිරීමට නියමිතයි.