පුටින් ඉන්දියාවට ?

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු ජනාධිපතිවරයා දෙසැම්බර් 5 සහ 6 දෙදින සමුළුවක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල්, ඉකුත් අගෝස්තු මාසයේ මොස්කව් නිල සංචාරයේ දී ගනු ලැබූ තීරණයකට අනුව මෙම ඉහළ මට්ටමේ නිල සංචාරය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රුසියාව සහ ඉන්දියාව අතර, වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් අමෙරිකානු විරෝධතා පළ වන අතර, මෙම සංචාරයට අදාළව විවිධ අදහස් පළ කර තිබෙනවා.

දෙ‍රටේ දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවට අමෙරිකාව විසින් දඬුවම් තීරුබදු පැනවීමත් සමග එම රටවල් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවයි.