පුද්ගලයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

මහනුවර යාපනය මාර්ගයේ පෙරියකුලම් ප්‍රදේශයේදී අද (07) දින අලුයම යාපනය දෙස සිට වවුනියාව දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් කළ මගී පුද්ගලයෙකු තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට යවා සිටියදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ මගී පුද්ගලයා මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 25 ක්වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කනගරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.