මතුරට පොලිස් වසමේ මානකොළ ප්‍රදේශයේ මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලකදී ඇතුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මතුරට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 38 ක් වූ මානකොළ, ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තවත් පුද්ගලයෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් අනෙක් පුද්ගලයා විසින් මරණකරුට ලෑලි පටියකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 31 ක් වන ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මතුරට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
