සීදූව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේ දී 12 වන දින පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා ඊට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ (14) දින අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව දුම්මලසූරිය පොලිස් වසමේ දී සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු හා ඊට ආධාර අනුබලදුන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මන්නා පිහි තුනක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17, 18, 21, 25, 27 හා 44 වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (15) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
