පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ නිලවරණය අද

පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී පැවැත්වේ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

පුජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරය මේ වන විට පුරප්පාඩු වී පවතිනවා.