පෙරහර දෙකක් නිසා මාර්ග දෙකක් වසා දැමේ

දඹදෙණිය පෙතිහාසික ශ්‍රී දළදා පෙරහර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම -ගිරිඋල්ල පොලිස් වසම.


ගිරිඋල්ල පොලිස් වසමේ ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහර 2025.09.13 වන දින වීථී සංචාරය කිරීමට නියමිතය.
මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන ශිල්පීන්ගෙන් සමන්විත අංශ 75 කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා ඇති අතර පෙරහර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසකගේ පැමිණිම අපේක්ෂා කරනු ලබයි.
එබැවින් මෙම පෙරහර 2025.09.13 වන දින රාත්‍රී 08.00 30 2025.09.14 වන දින අඑයට 02.00 දක්වා වීථි සංචාරය කරන කාලය තුළ ගිරිඋල්ල පොලිස් වසම හරහා ඇති කොළයි. කුරුණෑගල ප්‍රධාන මාර්ගය හා කුරුණෑගල විගමුව මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග
ගිරිඋල්ල – නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල සදස සිට පැමිණෙන සියළුම නිරවාහන දම්පැලැස්ස හන්දියෙන් ඇතුල් කර අලව්ව මාර්ගයට පිවිසිය හැක.
ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහන මුතුගල හන්දියෙන් ඇතුල් කර අලව්ව මාර්ගයට ගමන් කල හැකිය.
සිගමුව නාරම්මල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය කරන සියලු බර වාහන හා සැහැල්ලු වාහන මාහරගම හන්දිය හරහා අලව්ව ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.
මුතුගල ගිරිඋල්ල අතර දිවෙන වාහන මුතුගල හන්දිය හරහා කුඩගම්මන ප්‍රදේශයෙන් අලව්ව මාර්ගයට ඇතුළු විය හැකිය.

    මහරගම පුවක් පිටිය විපක්ෂාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර හේතුවන් රථ වාන්‍ය ගමනාගමනය සීමා කිරීම – මහරගම පොලිස් වසම


    මහරගම පොලිස් වසමේ පුවක් පිටිය විපක්ෂාරාම විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික ඇසළ මහා පෙරහර 2025.09.13 වන දින පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
    ඒ අනුව, මෙම පෙරහර 2025.09.13 වන දින සවස (0730 සිට අළුයම 03.00 දක්වා විපක්ෂාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී විපක්ෂාරාම පාර දෙහිවල පාර ඔස්සේ මහරගම ඩිපෝව අසල විද්‍යාකර මාවතෙන් දකුණට විද්‍යාකර මාවත ඔස්සේ ගමන් කර හයිලේවල් පාර ඇල්කේන පාරෙන් වමට ගමන් කර මහරගම ඔරලෝසු කණුව අසලින් නැවතදෙහිවල පාර ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.
    එබැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුල එම මාර්ග භාවිතා කරන රියදුරන් හා පිභජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලා සිටියි.
    භාවිතා කල හැකි විකල්ප මාර්ග

    • හයිලෙවල් මාර්ගයේ කොළඹ දිසාවට ගමන් ගන්නා රථ වාහන ජනාධිපති හන්දියෙන් පරණ පාර ඔස්සේ ද දෙහිවල, පිළියන්දල, බොරලැස්ගමුව ගමන් ගන්නා රථවාහන ජනාධිපති හන්දියෙන් වම් පසට ඇති මාර්ගය ඔස්සේ ගමන් කල
    • හයිලෙවල් මාර්ගයය් කොට්ටාව දෙසට ධාවනය වන රථ වාහන පරණ පාර ඔස්සේ බොරලැස්ගමුව. දෙහිවල පිලියන්දල ගමන් ගන්නා හන වන්නේශගෙදර නදියෙන් වත්තේ ගෙදර මාර්ගය ඔස්සේ ගමන් කල හැක.
      බොරලැස්ගමුව දෙස සිට මහරගම කොට්ටාව හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන වැව් පාර ඔස්සේ වත්තේ ගෙදර හරහා ගමන් කල හැක.
      පිළියන්දල දෙස සිට මහරගම කොට්ටාව කොළඹ දියාවට ගමන් ගන්නා වාහ සොරෝ හෝටලට අසලින් දකුණට ඇති මාර්ගය ඔස්සේ ගමන් කල හැක.
      ඉහත නිවේදනය මහජනතාවගේ දැන ගැනීම සඳහා ඔබ මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරයක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන කාරුණිකව ඉල්ලා සිටිමි.