පේසාලේ මුහුදේ අවාසනාවන්ත ඉරණම

පේසාලේ 04 වන කොටස ප්‍රදේශයේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු ඊයේ (15) දින සවස් කාලයේ දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිසක් විසින් තිදෙනෙකු දියෙන් ගොඩ ගෙන මන්නාරම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු මියගොස් ඇත.

එක් අයෙකු දියේ අතුරදන්වී ඇත.

මරණකරුවන් වයස අවුරුදු 16 හා 17 ක්වූ පේසාලේ ප්‍රදේශෙයේ පදිංචිකරුවන් වේ.

දියේ ගිලී අතුරුදන්ව ඇත්තේවයස අවුරුදු 16 ක් වූ පේසාලේ ප්‍රදේශයේ තරුණයෙකු වන අතර නාවික හමුදාවේ සහය ඇතිව අතුරුදහන් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.