දික්වැල්ල, සුදුවැල්ල ප්රදේශයේදී ඊයේ (12) දින රාත්රී කාලයේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණකරු බරපතල තුවාල ලබා බතීගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට දික්වැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
මරණකරු වයස අවුරුදු 55 ක් වූ රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පිරිසක් විසින් පුද්ගලික ආරවුලක් මත පොලුවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
