බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.
ටෙස්ට් වරම් හිමි නොවූ ක්‍රීඩකයින් පස් දෙනෙකු ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්‍ජලෝ මැතීව්ස් තම ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
ඊට නම් කළ කණ්ඩායමේ නායකයා ධනංජය ද සිල්වායි. පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතීව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක කණ්ඩායමට කැඳවා ඇත්තේ, පිතිකරුවන් ලෙසයි.
ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක සහ අකිල ධනංජය කණ්ඩායම සතු දඟ පන්දු යවන්නන්.
මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත සහ ඉසිත විජේසුන්දර කණ්ඩායමට කැඳවා ඇත්තේ, වේග පන්දු යවන්නන් ලෙසයි.
පවන් රත්නායක, තරිඳු රත්නායක, ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර සහ ඉසිත විජේසුන්දර තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින්.
මේ අතර, වසර 6කට පසුව අකිල ධනංජයට ද යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් වෙන් කර තිබීම විශේෂත්වයක්.
