බටහිර සුඩානයේ “මාරා” කඳුකර ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් 1000 ක පමණ පිරිසක් මිය ගොස් ඇතැයි, වාර්තා වනවා.
අතුරුදන් වූවන් සහ මිය ගිය පිරිසගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
දින ගණනාවක් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකින් නායයාම් වාර්තා වුණා.
“ටරාන්සින්” නගරයේ නිවාස මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
සුඩාන රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් කලාපීය ජාත්‍යන්තර සංවිධානවලින් මානුෂීය ආධාර ඉල්ලා සිටිනවා.
පසුගිය කාලය පුරා සුඩාන හමුදාව සහ පැරා මිලිටරි ආධාරක බලකාය අතර හටගත් යුද්ධයෙන් පසු, උතුරු ඩාෆූර් ප්‍රාන්තයේ ලක්‍ෂ 2 ක පමණ පිරිසක් “මාරා” කඳුකර කලාපයට රැකවරණය පතා පැමිණ තිබෙනවා.
සුඩානය, සිවිල් යුද්ධ තත්වයත් සමග දරුණු සාගතයකට ද මුහුණ පා සිටිනවා.
