ඊයේ (14) දින අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි යක්කල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මල්වතුහිරිපිටිය පොලිස් වසමේ වරපලාන ප්රදේශයේදී යක්කල පොලිස් වසමේ සිදු වූ ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 27 ක් වන වරපලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී සොරකම් කරන ලද ලැප් ටොප් 05 ක් හා ජංගම දුරකථන 02 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
