ඊයේ (13) දින රාත්‍රී කාලයේ මාතර පොලිස් වසමේ මාතර තංගල්ල වෙරළ මාර්ගයේ බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ, මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ බස් රථයක ඊට පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී ලිස්සාගොස් එම බස් රථයට යටවීමෙන්.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය මාතර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 23 ක් වූ වීරවිල හා මරණකරු වයස අවුරුදු 30ක්වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෘත ශරීර මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට අදාල බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
