බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ නුවර පාරේ තිත්වැල්මංකඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ‍ටිපර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනුරාධපුරය සිට කොළඹ බලා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථය, ටිපර් රථයේ ගැටීමෙන් පසු මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබෙනවා.

එය වෙළෙඳසැලක් අසල නතර වී තිබූ බවයි පොලීසිය පවසන්නේ.

බස් රථය විරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම නිසා අනතුර සිදුවූ බවයි මගීන් කියා සිටියේ.

තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියදුරු සහ භික්‍ෂූන් වහන්සේ නමක්. දංඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.