මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී අද (13) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇත.
මරනකරුවන් අවුරුදු 25 හා 35 වයස්වල පසු වූ අමිතිරිගල හා දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෘත ශරීර සම්බනන්ධයෙන් මරන පරීක්ෂණ සිදුකර ඥාතීන්ට භාරදී ඇත.
අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අතුඅඩංගුවට ගෙන ඇත.
පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
