බ්‍රසීලයේ හිටපු ජනපතිට වසර 27ක සිරදඬුවමක්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.

ඒ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

බ්‍රසීලයේ හිටපු නායකයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් මෙම දඬුවම නියම කර තිබෙනවා.

2022 මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු ඔහු බලයේ තබා ගැනීම අරමුණු කරගත් කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බව අධිකරණය තීන්දු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලය විසින් ඔහුට 2033 දක්වා රජයේ තනතුරු සඳහා තරඟ කිරීම ද තහනම් කළා.

ඔහු මේ වන විටත් නිවාස අඩස්සියේ පසුවනවා. බොල්සනාරෝ නිවාස අඩස්සියේ තැබීම නිසා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීලියානු භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවනු ලැබුවා.

ට්‍රම්ප් කියා සිටියේ ඒවා බොල්සොනාරෝට නඩු පැවරීමට පළිගැනීමක් ලෙස ඉදිරිපත් කරන බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධීපතිවරයා සහ රාජ්‍ය ලේකම්වරයා සිව විරෝධය පල කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීලයේ විදේශ අමාත්‍යාංශය කියි සිටියේ බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාද බිය ගැන්විය නොහැකි බවයි.